(B) පොසිට්‍රෝන විමෝචන ටොමෝග්‍රැෆි (Positron Emission Tomography-PET) නම් වූ වෛද්‍ය ප්‍රතිබිම්බ ශිල්පීය
ක්‍රමයේ දී රෝගියාට පොසිට්‍රෝන (P† හෝ e") විමෝචනය කරමින් ක්ෂය වන විකිරණශීලී සමස්ථානිකයක් රුධිර
නාලයකට එන්නත් කරනු ලැබේ. ඉන්පසු, රෝගියා වටා තබන ලද අනාවරක මගින් ශරීරයෙන් පිටතට පැමිණෙන
විකිරණ අනාවරණය කරගනු ලැබේ. මෙම තොරතුරු භාවිත කර, ශරීරයේ වෙනස් ප්‍රදේශවල එම සමස්ථානිකයේ
සාන්ද්‍රණය පෙන්වන ප්‍රතිබිම්බයක් පරිගණකයක් මගින් නිර්මාණය කරනු ලැබේ.
රෝගියකුට 15O-ජලය (160 පරමාණු වෙනුවට 150 පරමාණු යොදා සැකසූ ජලය) පිකෝ ග්‍රෑම් 20 ක් එන්නත් කරන
ලද්දේ යැයි සිතන්න. 150 පරමාණු, මිනිත්තු 2ක අර්ධ ආයු කාලයක්
\(ක්ෂය වේ. (පිකෝ ග්‍රෑම් 1= ග්‍රෑම් 10-12)\)
\((a) (i) පරමාණු N ගණනක් ඇති විකිරණශීලී නියැදියක සක්‍රීයතාව A = යන සමීකරණය මගින් දෙනු ලැබේ.\)
එන්නත් කරන ලද 150 - ජල ප්‍රමාණයේ ඵන්නත් කළ අවස්ථාවේදී සක්‍රීයතාව (Bq වලින්) ගණනය කරන්න.
(එක් 50 – ජල අණුවක ස්කන්ධය 2.8 × 10-26kg ලෙස ගන්න.)
(ii) එන්නත් කිරීමෙන් මිනිත්තු 2 කට පසු මොළය තුළ 150 ක්ෂය වීම නිසා වූ සක්‍රියතාව (Bq වලින්) ගණනය
කරන්න. (එන්නත් කරන ලද ජලයෙන් 10% ක් එම කාලය තුළදී රෝගියාගේ මොළයට ළඟා වේ යැයි
(iii) ස්වාභාවිකව ශරීරයේ ඇති විකිරණශීලී සමස්ථානික (''C වැනි) නිසා සාමාන්‍ය පුද්ගලයකුගේ ශරීරය තුළ
104 Bq පමණ සක්‍රියතාවක් පවතියි. ඉහත එන්නත දීමෙන් මිනිත්තු 40 කට පසු, රෝගියාගේ ශරීරය තුළ
150 ක්ෂය වීම නිසා වූ සක්‍රියතාව, ස්වභාවිකව පවතින සංක්‍රියතාවට වඩා අඩු වන බව පෙන්වන්න.
\((220 = 106 ලෙස ගන්න.)\)
(iv) ඉතා කුඩා අර්ධ ආයු කාලයක් ඇති සමස්ථානිකයක් භාවිත කිරීමේ වාසිය කුමක් ද?