සංකරණ සහ සංයෝජන
01සිසුන් 10 ක් සිටින පන්තියක පිරිමි ළමයි 07 දෙනෙක් ගැහැණු ළමයි 03 දෙනෙක් ද වෙති.
() සිසුන් 04 දෙනෙකු සිටින කමිටුවක් පන්තියෙන් තෝරා ගත හැකි වෙනස් ආකාර ගණන සොයන්න.
() කමිටු අතුරින් කියෙක අඩුම වශයෙන් එක් ගැහුණු ළමයෙක්වත් සිටියිද ?
() කමිටු අතුරින් කියෙක එක ගැහැණු ළමයෙක් පමණක් සිටියද?
(1981)
02ක්‍රිකටි ක්‍රිඩකයන් 15 දෙනෙකුගෙන් යුත් සංචාරක ක්‍රිකටි කණ්ඩායමක් පිතිකරුවන් 07 දෙනෙකුගෙන් ද සමන්විත වේ.පන්දු යවන්නන් 06 දෙනෙකුගෙන් ද කඩුලු රකින්නන් 02 දෙනෙකුගෙන්ද සමන්විත වේ. ක්‍රිඩකයන් 11 දෙනෙකුගෙන් යුත් එක් එක් පිලට යටතේ පිරිසෙන් පිතිකරුවන් 05 දෙනෙකු පන්දු යවන්නන් 04 දෙනෙකු හා කඩුලු රකින්නන් 01 දෙනෙකුවත් ඇතුලතු විය යුතු වේ.
() පිතිකරුවෙකුට හා කඩුලු රකින්නකුට තුවාල සිදු වි ඇත්තනම් තෝරා ගත හැකි වෙනස් පිල් සංඛ්‍යාව සොයන්න.
() ක්‍රිඩකයන් සියලු දෙනෙම සිටින විට ඔවුන් අතුරෙන් වෙනස් පිල් කියක් තෝරා ගත හැකිද ?
(1982)
03 පිරිමි හත්දෙනෙකුගෙන් හා ගැහැණු පස්දෙනෙකුගෙන් දෙවර්ගයම නියෝජනය වන සේ ද එක් විශේෂ පිරිමි යෙක් හා එක් විශේෂ ගැහැණියක් එකම කමිටුවක නොසිටින සේ තෝරා ගත හැකි සමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටු සංඛ්‍යාව සොයන්න
(1983)
04 PREPOSSESSED යන වචනයේ අකුරු වරකට 04 බැගින් ගෙන සැදිය හැකි සංකරණ ගණන සොයන්න.
(1984)
05වරකට 04 බැගින් ගනිමින් TISSMAHARAMA යන වචනයේ අකුරු වලින් සෑදිය හැකි සංකරණ සංඛ්‍යාව සොයන්න.
(1985)
06වරකට 04 බැගින් ගනිමින් KAHATAGADIGILIYA යන වචනයේ අකුරු වලින් සෑදිය හැකි වෙනස් සංකරණ සංඛ්‍යාව සොයන්න
(1986)
07වරකට අකුරු 04 බැගින් ගනිමින් NARRAGGANSETT යන වචනයේ අකුරු වලින් සෑදිය හැකි වෙනස් සංකරණ සංඛ්‍යාව සොයන්න
(1987)
08 සංඥා යවන්නෙක් ළඟ කොඩි හයක් ඇති අතර ඒවායින් එකක් නිල් ද, දෙකක් සුදු ද, ඉතිරිවා රතු ද වේ. කොඩි ගසක කොඩි පෙළට එසවිමෙන් ඔහු පණිවිඩ යවනු ලබන අතර කොඩි සකස් කර ඇති අනුපිළිවෙළ අනුව පණිවිඩය අඟවනු ලැබේ.
() කොඩි හයම උපයෝගි කර ගනිමින්,
() හරියටම කොඩි පහක් උපයෝගි කර ගනිමින් , ඔහුට යැවිය හැකි වෙනස් පණිවිඩ සංඛ්‍යාව සොයන්න.
(1988)
09 රාක්කයක එකිනෙකින් වෙනස් පොත් 16 ක් තිබෙන අතර 03 විය ගණිකය, 04 ක් කලනය 03 ක් ජ්‍යාමිතිය සහ අනෙක්වා ත්‍රිකෝණාමිතිය වේ.
කොපමණ ආකාරය වලින් පොත් පිළියෙල කර තැබිය හැකි ද? එක එකක් විෂයට අයත් පොත් එකට සිටින සේ තබන විට පිළියෙල කිරිම සංඛ්‍යාව ද සොයන්න.
(1989)
10 OBSEQUIOUSNESS යන්නෙහි අකුරු සියල්ල එකවර ගත් කළ ,(i) අකුරු පටිපාටිය පිළිබඳ සීමා කිරිමක් නැති විට,(ii) Q අකුර ලඟ සෑම විටම U තිබිය යුතු විට, අකුරු වල පිළියෙල කිරිම සංඛ්‍යාව සොයන්න.
(b) පිරිම් ළමයින් 14 දෙනෙකුගෙගන් සහ ගැහුණු ළමටින් 12 දෙනෙකුගෙන් යුක්ත වු පන්තියකින් පිරිම් ළමයි 03 දෙනෙකු ගැහැණු ළමයින් 03 දෙනෙකුත් සිටින කොමිටියක්,
(i) කවර සීමා කිරිමක්වත් නැති විට,(ii) විශේෂ පිරිමි ළමයෙක් සහ විශේෂ ගැහැණු ළමයෙක් එකට සේවය කිරිමට අකමැති විට, සෑදිය හැකි ආකාර ගණන සොයන්න.
(1990)
11(i) ENGINEERING යනවචනයේ අක්ෂර සියල්ල යොදා ගැනිමෙන් ලබා ගත හැකි සංකරණ සංඛ්‍යාව සොයන්න. ඒවා අතුරෙන් කොපමන සංඛ්‍යාවක අක්ෂර තුනම එකට එක් වි පිහිටා තිබේද? කොපමණ සංඛ්‍යාවක ඒවා මුලටම පවතිද?
(ii) පත්‍රිකා 32 කින් සමන්විත කාණ්ඩයක පත්‍රිකා 08 ක කළු පාටද, 08 ක් රතු පාටද, 08 ක් නිල් පාටද, 08 ක් කොළ පාට ද වේ. එකම පාට පත්‍රිකා සියල්ල එකිනෙකට වෙනස් වේ.
) එම කණ්ඩයෙන් පත්‍රිකා තුනක් සසම්භාවි ලෙස තෝරා ගත හැකි විවිධ ආකාර ගණනය කරන්න
) () හි වු තේරිම් අතරින් පත්‍රිකා සියල්ල එකිනෙකට වෙනස් වු පාට වලින් නොපවතින සේ වු තේරිම් සංඛ්‍යාව සොයන්න. (සැ.යු සියලුම ආගනය කාර්යය පැහැදිලිව දැක්විය යුතු වේ. )
(1991)
12එකිනෙකට වෙනස් පොත් දහයක් (කොළ පාට හතරක්, නිල් පාට හතරක්, රතු පාට දෙකක්) රාක්කයක් මත පිළියෙළ කලර ඇත. එක් එක් අවස්ථාවේ දි සියලුම ආගණය කාර්යය පැහැදිලි ලෙස දක්වමින් ,
i) පාට හා අනුපිලිවෙල නොසලකා හරි නම්,
ii) එකම පාටින් යුත් පොත් සෑම විටම එක ලඟ තබා ඇත්නම්,
iii) එකම පාටින් යුත් පොත් සෑම විටම එක ලඟ එකම අනුපිළිවෙලට තබා ඇත්නම්,
iv) කොළ පාට පොත් සෑම විටම එක ලඟ එකම අනුපිළිවෙළට සිටින සේ ද රතු පාට පොත් සෑම විටම වෙන් වෙන්ව සිටින සේ ද තබා ඇත්නම්, රාක්කය මත පොත් පිළියෙළ කළ හැකි ආකාර ගණන සොයන්න.
(1992)
13(a) GONPINNUWALA වචනයේ අක්ෂර වලින් සෑදිය හැකි විවිධ සංකරණ සංඛ්‍යාව , i) අක්ෂර දොළහෙන් වරකට අක්ෂර සියල්ල ගත් විට, ii) අක්ෂර දොළහෙන් වරකට ඕනෑම අක්ෂර හතරක් ගත් විට සොයන්න.
(b) එකිනෙකට වෙනස් රිදි කාසි දහයක් සහ එකිනෙකට වෙනස් තඹ කාසි පහක් අඩංගු මල්ලකින් කාසි අටක් ගත හැකි සංයෝජන සංඛ්‍යාව i) තේරිම මත කිසිම සීමා කීරිමක් නොමැති විට, ii) තෝරා ගත් කාසි අතර යටත් පිරිසෙයින් තඹ කාසි දෙකක්වත් තිබිය යුතු විට සොයන්න.
(1993)
14(a) මුදල් පසුම්බිය රුපියල් පහේ කාසි 01 ක් ද, රුපියල් දෙකේ කාිසි 02 ක් ද, රුපියලේ කාසි 03 ක් ද, ශත පනහේ කාසි 04 ක් ද, අඩංගු වේ. කාසි 03 ක් තෝරා ගත හැකි විට ආකාර කොපමණද?
(b) HOMOGENEOUS යන වචනයේ හි අක්ෂර (වරකට සියල්ල ගනිමින්) 3 326 400 ආකාරයකින් පිළියෙල කළ හැකි බව සොයන්න. මේවායින් කොපමණක් ව්‍යංජනාක්ෂරයකින් පටන් ගෙන එවැන්නක් අවසාන වේද? (ව්‍යංජානාක්ෂරයක් යනු A , E ,I ,O ,U හැර ඔනෑම අක්ෂරයකි)
(c) (i) සංඛ්‍යාංකයන්හි පුනරාවර්තන වලට ඉඩ තිබේ නම්, (ii) සංඛ්‍යාංක පුනරාවර්තන දෙකකට වඩා ඉඩ නොමැති නම් 0 ,1 , 4 ,5 , 6 , 7 සංඛ්‍යා වලින් (ශූන්‍යයෙන්ආරම්භ න සංඛ්‍යා නොසැලකු විට) සංඛ්‍යංක හතරකින් යුත් සංඛ්‍යා කොපමණ සෑදිය හැකි දැයි සොයන්න
(1994)
15(i) වරකට අක්ෂර සියල්ලම ගනිමින් KANAKARAYANKULAM යන වචනයෙහි අක්ෂර දහසයෙන්ම සෑදිය හැකි විව්ධ සංකරණ සංඛ්‍යාව සොයන්න. (උත්තරය සුළු කිරිම අනවශ්‍ය යි. ) ඉහත වචනයෙන් (A , U) ස්වාරක්ෂර අතහඅර වරකට අක්ෂර හතර බැගින් ගෙන සැඳිය හැකි සංයෝජන ගණන 41 ක් බව පෙන්වන්න.
(ii) ගැහැණු ළමුන් දෙනෙකු එක ලඟ නොසිටින පරිදි පිරිමි ළමුන් හය දෙනෙකු සහ ගැහැණු ළමුන් හතර දෙනෙකු කී ආකාරයකින් වෘත්තකාරව පිළියෙල කල හැකි ද?
(1995)
16(i) ප්‍රමුලධර්ම මඟින් වරකට බැගින් ගත් විට දුව්‍ය වල සංයෝජන සංඛ්‍යාව සොයන්න.
(ii) මතු දැක්වෙන අවශ්‍යතා දෙකම සපුරාලන්නා වු 75,000 ට වඩා විශාල නිඛිල කොපමණ තිබේද? නිඛිලයෙහි සංඛ්‍යාංක සියල්ල ප්‍රභින්න වේ.
(a) 0 සහ 1 සංඛ්‍යාංක නිඛිලයෙහි නොපවති.
(b) නිඛිලයක සංඛ්‍යාංක විය හැක්කේ 1 හෝ 2 පමණක් වන අතර ඒවායේ ඵෙක්‍ය දහය වේ. එවැනි නිඛිල කොපමණද?
(1996)
17() COEFFICIENT වචනයෙහි අක්ෂර 11 න් සෑදෙන විවිධ සංකරණ සංඛ්‍යාව සොයන්න. තවද COEFFICIENT වචනයෙහි අක්ෂර 11 න් සෑදිය හැකි අක්ෂර හතරක් අඩංගු එකිනෙකට වෙනස් තේරිම් සංඛ්‍යාව ද සොයන්න.
() A බැගයෙහි සුදු බෝල 08 ක් සහ කලු බෝල 06ක් තිබෙන අතර B බෑගයෙහි සුදු බෝල 6 ක් සහ කලු බෝල 3 ක් තිබේ.
(i) බෝල 06 ම එකම බෑගයෙන් ලැබෙයි නම්,
(ii) කලු බෝල බෑග් දෙකෙන් ඕනෑම එක් බෑගයකිනුත් සුදු බෝල අනෙක් බෑගයෙනුත් ලැබේ නම්,
(iii) බෝල ලැබෙන බෑග් සම්බන්ධයෙන් කිසිම සිමා කිරිම් නොමැති නම්, එක් එක් අවස්ථාව සඳහා සුදු බෝල 04 ක් සහ කලු බෝල 02 ක් ඇතුළත් වන සේ බෝල 06 කින් යුත් කාණ්ඩ කොපමණක් තෝරා ගත හැකි ද?
(1997)
18() 3528 හි ධන භජෙක සංඛ්‍යාව සොයන්න. (සටහන =23×32×72)
() විද්‍යා සමුළුවකට විශ්ව විද්‍යාල 20 ක් සහභාගි වන අතර එක් එක් විශ්ව විද්‍යාලය උද්භිද විද්‍යාඥයෙකු , රසායන විද්‍යාඥයෙකු , ගණිතඥයෙකු, භෞතික විද්‍යාඥයෙකු සහ සත්ව විද්‍යාඥයෙකු අනුග්‍රහ කරයි. සමාජිකයින් 10 කින් සමන්විත එක් එක් කමිටුව තුළ ,
(i) එක් එක් විෂය කේෂත්‍රෙයන් පුද්ගලයින් දෙදෙනෙකු බැඟින් ,
(ii) එක් එක් සමාජිකයා වෙනස් විශ්ව විද්‍යාලයක් නියෝජනය කරන පරිදි එක් එක් විෂය කේෂත්‍රයේන් පුද්ගලයින් දෙදෙනෙකු බැගින්,
(iii) ඕනෑම විශ්ව විද්‍යාල තුනකින් පුද්ලයින් තිදෙනෙකු බගින්ද, ඕනෑම තවත් විශ්ව විද්‍යාල යකින් එක් පුද්ලයෙකු ද බැගින් සිටින කමිටුවක් සෑදිය හැකි ආකාර කොපමණද? () කොටසේ පිළිතුර සුළු කිරිම අවශ්‍ය නැත
(1998)
19සිරස් කුඹ ගසක ධජ අටක් ප්‍රදර්ශණය කිරිමෙන් 8-ධජ සංඛ්‍යාවක් සෑදේ. කුඹ ගස මත ධජ අට සකස් කළ පටිපාටිය මඟින් සංඥවක් නිර්ණය වේ.
(i) සියල්ලම වෙනස් ධජ අටක් මඟින්,
(ii) සියල්ලම වෙනස් ධජ නවයක් මඟින්,
(iii) සර්වසම රතු ධජ හතරක්, සර්වසම නිල් ධජ දෙකක්, සහ සර්වසම කොළ ධජ දෙකක් මඟින්,
(iv) සර්වසම රතු ධජ හතරක් , සර්වසම නිල් ධජ තුනක් සහ සර්වසම කොළ ධජ දෙකක් මඟින් එකිනෙකට 8- ධජ සංඥාවක් කොපමණ සෑදිය හැකිද?
(1999)
20ගැහැණු ළමයෙක් පෙළියේ මුලින් ද, ගැහැණු හා පිරිම් ළමයි පේළියේ මාරුවෙන් මාරුවට සිටින ලෙස ද පිරිම් ළමයි 7 දෙනෙකු හා ගැහැණු ළමයි 7 දෙනෙකු පෙළගැස්විය හැකි ආකාර ගණන කොපමණද?
(2001)
21හරියටම ශිෂ්‍යයන් හතර දෙනෙකුගෙන් සමන්විත පාසලේ විවාද කණ්ඩායමක් සුදුසුකම් ලැබු ශිෂ්‍යයන් දොලොස් දෙනෙකු අතරෙන් තෝරා ගැනිමට නියමිතය. එම කණ්ඩායම තෝරා ගත හැකි ආකාරය ගණන සොයන්න.අනුර සහ භවන් සුදුසුකම් ලැබු ශිෂ්‍යයන් දොලෙසේ දෙනා අතර වේ.
(i) අනුර හා භවන් දෙදෙනාම කණ්ඩායමේ සිටි
(ii) එක්කෝ අනුර නැත්නම් භවන් කණ්ඩායමේ සිටි,
(iii) අනුරවත් , භවන් වත් කණ්ඩායමේ නොසිටි යන එක් එක් අවස්ථාව සඳහා විවාද කණ්ඩායම තෝරා ගත හැකි ආකාරය ගණන සොයන්න
(2002)
22එක්තරා පන්තියක ශිෂ්‍යයින් 08 දෙනෙක් සිටි. තරගයට සහභාගි විම සඳහා කණ්ඩායම් හතරකට එම ශිෂ්‍යයන් බෙදිමට පන්තියේ ගුරුවරයාට අවශ්‍ය වේ.
කණ්ඩායම් වල තරම එක හා සමාන විම අවශ්‍ය ම නොවන අතර කණ්ඩායමක් එක් තැනැත්තෙකුගෙන් වුව ද සමන්විත විය හැකිය.
අවශ්‍ය කණ්ඩායම් හතර 1701 ආකාරයකින් සෑදිය හැකි බව පෙන්වන්න
. (2003)
23 එක්තරා පරික්ෂණයකදි ඔබ විසින් ප්‍රශ්ණ නවයකින් ප්‍රශ්න හයකට පිළිතුරු සැපයිය යුතුව ඇත. එම ප්‍රශ්ණ 06 තොරා ගත හැකි ක්‍රම ගණන සොයන්න. තවද,
(i) පළමු ප්‍රශ්න තුන අනිවාර්ය නම්
,(ii) පළමු ප්‍රශ්ණ පහෙන් අඩු වශයෙන් හතරක් තෝරා ගත යුතු නම් එම ප්‍රශ්ණ 06 තෝරා ගත හැකි ක්‍රම ගණණ සොයන්න
(2004)
24 පිරිම් ළමයි 07 කින් හා ගැහැණු ළමයින් 05 කින් යුත් සමුහයකින් පුද්ගලයින් 05 දෙනෙකුගෙන් සමන්විත විවාද කණ්ඩායමක් තෝරා ගත යුතුව ඇත ,
(i) සමුහයේ ඔනෑම 05 දෙනෙකු,
(ii) යටත් පිරිසෙයින් එක් ගැහැණු ළමයෙකු,
(iii) යටත් පිරිසෙයින් එක් ගැහැණු ළමයෙකු අඩංගු වන සේ මෙම කණ්ඩායම ආකාර කොපමණ ගණනකට සකස් කළ හැකිද?
(2005)
25වෙනස් උස ප්‍රමාණ ඇති ළමයින් 12 ක් කණ්ඩායම් දෙකකට බෙදිමට අවශ්‍ය ඇත.
(i) එක් කණ්ඩායමක් ළමයින් 07 කින් ද අනෙක් කණ්ඩායම ළමයින් 05 කින් ද සමන්විත වෙයි.නම්
,(ii) එක් එක් කණ්ඩායම ළමයි 06 කින් සමන්විත වෙයි නම්,
(iii) එක් එක් කණ්ඩායම ළමයින් 06 කින් සමන්විත වි උසම හා මිටිම ළමයින් දෙදෙනා එකම කණ්ඩායමකට අයත් විය යුතු නම්, ඉහත බෙදිම කළ හැකි ආකාරය ගණන කරන්න
(2006)
26අපෙක්ෂකයෙකු විභාගයකදි එක් එක් කොටසට ප්‍රශ්ණ හතර බැගින් අඩංගු A ,B හා C නම් කොටස් තුනක් යටතේ දෙන ලද ප්‍රශ්ණ දොළහකින් ප්‍රශ්ණ 06 කට පිළිතුරු සැපයිය යුතු වේ
(i) එක් එක් කොටසේ පළමු වන ප්‍රශ්ණය අනිවාර්ය නම්,
(ii) ඔනෑම කොටසකින් ප්‍රශ්ණ 03 කට වඩා වැඩියෙන් මොහුට පිළිතුරු සැපයිය නොහැකිනම්,
(iii) එක් එක් කොටසකින් යටතේ පිරිසෙයින් එක් ප්‍රශ්ණයකවත් පිළිතුරු සැපයිම අනිවාර්ය නම්, අපේක්ෂකයාට ප්‍රශ්ණ හය තෝරා ගත හැකි වෙනස් ආකාර ගණන සොයන්න
(2007)
27ගැහැණු ළමයි 07 දෙනෙකු හ පිරිම් ළමයින් 08 දෙනෙකු අතුරෙන් විවාද ඛන්ඩායමක් සැකසිම සදහා සිසුන් 05 දෙනෙකු තෝරා ගැනිමට අවශ්‍ය ඇත .
(i) කණ්ඩායම ගැහැණු ළමයින් දෙදෙනෙකුගෙන් හා පිරිමි ළමයි තිදෙනෙකුගෙන් සමන්විය යුතු නම්,
(ii) කණ්ඩායම වැඩි කරමින් පිරිමි ළමයි තිදෙනෙකුගෙන් සමන්විය යුතු නම්
,(iii) එක්තරා පිරිමි ළමයෙකු හා එක්තරා ගැහැණු ළමයෙකු එකම කණ්ඩායමකට තෝරා ගත නොහැකි නම් තෝරා ගත හැකි කණ්ඩායම් සංඛ්‍යාව සොයන්න
(2008)
28PHILOSOPHY වන වචනයෙහි අකුරු දහයම ගෙන සැදිය හැකි වෙනස් පිළියෙල කිරිම් සංඛ්‍යාව සොයන්න.
මෙම පිළියෙල කිරිම් වලින් කොපමණ H ,I ,S සහ Y යන අතුරු එකට තිබේද? PHILOSOPHY යන වචනයෙහි අකුරු දහයෙන් 05 ක් තෝරා ගත හැකි වෙනස් ආකාර සංඛ්‍යාව ද සොයන්න
(2009)
291,2,4,5,6,8 හා 9 සංඛ්‍යාංක හතරෙන් ඕනෑම සංඛ්‍යංකයක් ,
(i) පුනරාවර්තනය සහිතව,
(ii) පුනරාවර්තනය රහිතව
තෝරා ගෙන සංඛ්‍යංක හතරේ වෙනස් සංඛ්‍යාව කොපමණ ගණනක් සැදිය හැකි දැයි සොයන්න
(i) අවස්ථාවේදි සංඛ්‍යාංක හතරේ සංඛ්‍යා කොපමණ ගණනක ඕනෑම සංඛ්‍යාංකයක් වාර දෙකකට වඩා වැඩියෙන් නොතිබේ දැයි සොයන්න.
(ii) අවස්ථාවේදි සංඛ්‍යාංක හතරේ සංඛ්‍යා කොපමණ ගණනකඔත්තේ සංඛ්‍යාංක දෙකක් හා ඉරට්ටේ සංඛ්‍යංක දෙකක් තිදෙැයි සොයන්න. එවායින් කොපමණ ගණනක් ඉරට්ටේ වේ දැයි සොයන්න
(2010)
301 ,2 ,3, සහ 4 සංඛ්‍යාංක යොදා ගෙන 2000 ත් 4000 ත් අතර සංඛ්‍යාව කොපමණ ගණනක් සංඛ්‍යාංක පුනරාවර්තනයට ,
(i) ඉඩ නැති විට
,(ii) ඉඩ ඇති විට සෑදිය හැකි දැයි සොයන්න
(2011)
31ADDING යන වචනයේ හි අකුරු සියල්ලම යොදා ගෙන සැදිය හැකි පිළියෙල කිරිම ගණන සොයන්න
මෙම පිළියෙල කිරිම් වලින් කොපමණ ගණනක ප්‍රණක්ෂර(Vowels) වෙන්ව පවති දැයි සොයන්න
(2012)
32 සිසුන් 15 ක ශිෂ්‍ය සභාවක් විද්‍යා සිසුන් 03 දෙනෙකුගෙන් කලා සිසුන් 05 දෙනෙකුගෙන්, හා වාණිජ සිසුන් 07 දෙනෙකුගෙන් සමන්විතය. ව්‍යෘපෘතියක වැඩ කිරිම සදහා මෙම ශිෂ්‍ය සභාවෙන් සිසුන් 06 දෙනෙකු තෝරා ගැනිම සඳහා අවශ්‍ය වි ඇත.
(i) සිසුන් 15 දෙනාම තෝරා ගැනිම සඳහා සුදුසු නම්,
(ii) කිසියක් සිසුන් දෙදෙනෙකුට එකට වැඩ කිරිම සදහා අවසර නොමැතිනම්
,(iii) එක් එක් විෂය ධාරාවෙන් සිසුන් දෙදෙනෙකු බැගින් තේරිමට අවශ්‍ය නම්, මෙය සිදු කල හැකි වෙනත් ආකාර ගණන සොයන්න
ඉහත (iii) යටතේ තෝරා ගත් කණ්ඩායමක් එම කණ්ඩායමෙහි විද්‍යා විෂය ධාරවෙන් වු සිදු කළ දෙදෙනාට එක ලඟ වාඩි විමට අවසර නොමැති නම්, වෘත්තාකාර මේසයක් වටේට වාඩි කළ හැකි වෙනස් ආකාර ගණන සොයන්න
(2013)
33පාසල් හයක් තරුණ ක්‍රිඩා සමුළුවකට සහභාගි වන අතර ක්‍රිකටි ක්‍රිඩකයෙකුගෙන්, පාපන්දු ක්‍රිඩකයෙකුගෙන් හා හොකි ක්‍රිඩකයෙකුගෙන් සමන්විත ක්‍රිඩකයින් තුන් දෙනෙකුගෙන් එක් එක් පාසල නියෝජනය කරනු ලැබේ. මෙම ක්‍රිඩකයින් අතුරින් සමාජිකයින් හය දෙනෙකුගෙන් යුත් කමිටුවක් තෝරා ගැනිමට අවශ්‍ය ව ඇත
.(i) එක් එක් ක්‍රිඩාවෙන් දෙදෙනෙකු බැගින් අතුලත් කළ යුතු නම්,
(ii) පාසල් හයම නියෝජනය වන පරිදි එක් එක් ක්‍රිඩාවෙන් ක්‍රිඩකයින් දෙදෙනෙකු බැගින් අතුළත් ඛල යුතු නම්,
(iii) පාසල් දෙකකින් එක් එක් පාසලෙන් ක්‍රිඩකයින් දෙදෙනෙකු බැගින් ද ඉතිරි පාසල් දෙකකින් එක් එක් පාසලෙන් එක ක්‍රිඩකයෙකු බැගින්ද , ඇතුලත් කළ යුතු නම්, මෙම කමිටුව සැදිය හැකි වෙනත් ආකාර ගණන සොයන්න
(2014)
34නිපුණතා සංදර්ශන තරගයක විනිසුරුවන් ලෙස කටයුතු කිරිම සදහා සමාජික සමාජිකාවන් හතර දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් පිහිටුවා ගත යුතුව ඇත. මෙම විනිසුරු මඩුල්ල තෝරා ගත යුතුව ඇත්තේ ක්‍රිඩිකාවන් තුන් දෙනෙකු, ක්‍රිඩකයින් දෙනෙකු , ගයිකාවන් හය දෙනෙකු, ගායකයින් පස් දෙනෙකු, නිළියන් දෙදෙනෙකු හා නළුවන් හතර දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකිනි. ප්‍රධාන විනිසුරු ක්‍රිඩකයෙකු හෝ ක්‍රිඩිකාවක් හෝ විය යුතුය. විනිදුරු මඩුල්ලේ අනෙක් තිදෙනා තෝරා ගත යුත් වන්නේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් හැර කණ්ඩායමේ ඉතිරි අයගෙන්ය. පහත දැක්වෙන එක් එක් අවස්ථාවේදි විනිසුරු මඩුල්ල පිහිටුවා ගත හැකි වෙනස් ආකාර ගණන සොයන්න
(i) අඩු තරමින් එක් ගායිකාවක් හා ගායකයෙක් මඩුල්ලට ඇතුලත් විය යුතු නම්,
(ii) ප්‍රධාන විනිසුරු ඇතුළුව පිරිමි දෙදෙනෙකු හා ගැහැණු දෙදෙනෙකු මඩුල්ලේ සිටිය යුත් නම්
,(iii) ප්‍රධාන විනිසුරු ක්‍රිඩිකාවක් විය යුතු ම නම්,
(iv) පාසලේ දෙකකින් එක් එක් පාසලෙන් ක්‍රිඩකයින් දෙදෙනෙකු බැගින් ඉතිරි පාසලේ දෙකකින් එක් එක් පාසලෙන් එක ක්‍රිඩකයෙකු බැගින් ඇතුළත් කළ යුත් නම් මෙම කමිටුව සෑදිය හැකි වෙනස් ආකාර ගණන සොයන්න
(2015)
35එක් එක් සංඛ්‍යාවක් එක් වරක් පමණක් භාවිත කරයි නම්, 1 ,2 ,3 ,4 හා 5 වන සංඛ්‍යාංක වලින් සංඛ්‍යාංක පහකින් යුත් වෙනත් සංඛ්‍යා කියක් සෑදිය හැකිද? මෙම සංඛ්‍යා වලින්,
(i) කොපමණ ඉරට්ටේ සංඛ්‍යා වේද?
(ii) කොපමණ 3 හා 4 සංඛ්‍යාංක එක ලඟ තිබේද?
(2016)
36INFINITY යන වචනයෙහි අකුරු අට , වෙනස් ආකාර පේළියක පිළියෙල කළ හැකි ද? මෙම පිළියෙල කිරිම් වලින් කොපමණක,
(i) 1 අකුරු තුනම එක ලඟ තිබේද?
(ii) හරියටම එක 1 අකුරෙන් හා අකුරු දෙකම මුල් අකුරු තුන ලෙස තිබේද?
(2017)