දෛශික
01 pOA හා qOB මගින් නිරූපණය කරන ලද බල දෙකක සම්ප්‍රයුක්තය (p+q)OC බව පෙන්වන්න. මෙහි C,pAC q CB වන සේ AB පිහිටි ලක්ෂ්‍ය වේ.
ABC ත්‍රිකෝනයේ කේන්ද්‍රකය G වේ. 3BG,3CG3GA,6CB බල පිළිවෙලින් BG, CG, GA, CB දිගේ ක්‍රියා කළත් සම්ප්‍රයුක්තය CG සමාන්තර බව පෙන්වා එහි ක්‍රියා රේඛාව සොයන්න.
(1975)
02P, Q ලක්ෂ්‍ය දෙකෙහි පිහිටුම් දෛශික පිළිවෙලින් p,q වේ. PQ රේඛාව λ:μ අනුපාතයෙන් බෙදෙන R ලක්ෂ්‍යයේ පිහිටුම් දෛශිකය සොයන්න. A, B, C, D ලක්ෂ්‍ය 4 ක පිහිටුම් දෛශික පිළිවෙලින් a,b,c,d ය. පහත සඳහන් ලක්ෂ්‍යය වල පිහිටුම් දෛශික සොයන්න.
i) BC හි මධ්‍ය ලක්ෂ්‍යය වන L ලක්ෂ්‍යයේ ii) AL රේඛාව 2 : 1 අනුපාතයෙන් බෙදෙන M ලක්ෂ්‍යයේ iii) DM රේඛාව 3 : 1 අනුපාතයෙන් බෙදෙන G ලක්ෂ්‍යයේ
ඒ නයින් a) ත්‍රිකෝණයක මධ්‍යස්ථය සංගාමී (ඒක ලක්ෂ්‍යය) බවත් b) චතුස්තලයක ශීර්ෂ සම්මුඛ මුහුණත් වල කේන්ද්‍රකත් යා කරන රේඛා සංගාමී බවත් ඔප්පු කරන්න.
(1978)
03 λ අදිශයකත් a දෛශිකයක් ගුණිතය වන λa සඳහා අර්ථ දක්වන්න. a, b, c ප්‍රහින්න ශුන්‍ය නොවන දෛශික තුනක් පිළිවෙලින් OA,OB,OC මගින් විශාලත්වයෙන් ද දිශාවෙන්ද නිරූපණය කෙරේ.
A, B, C ඒක රේඛීය ම නම් පමණක් α+β+γ=0,αa+βb+γc=0 වන පරිදි ශුන්‍ය නොවන α,β,γ අදීශ පවතින බව පෙන්වන්න.
(1980)
04 ABCD යනු තල චතුරස්‍රයකි. O යන මේ චතුරස්‍රයේ තලයෙහි පිහිටි ලක්ෂ්‍යයකි. AB, BC, CD, DA පාදවල මධ්‍ය ලක්ෂ්‍යය පිළිවෙලින් E, F, G,H ලක්ෂ්‍ය නම් ද OA=a,OB=b,OC=c,OD=d නම් ද a, b, c, d ඇසුරෙන් OE,OF,OG,OH සොයන්න.
චතුරස්‍රයේ සම්මුඛ පාද වල මධ්‍ය ලක්ෂ්‍යය යාකරණ රේඛාත් චතුරශ්‍රයේ විකර්ණ වල මධ්‍ය ලක්ෂ්‍යය යා කරන රේඛාවත් සංගාමී (ඒක ලක්ෂ්‍ය) බව අපෝහනය කරන්න.
(1980)
05 O මූල ලක්ෂ්‍යයක් අනුබද්ධයෙන් A, B ලක්ෂ්‍ය දෙකක පිහිටුම් දෛශික පිළිවෙලින් a, b වේ. P ලක්ෂ්‍ය m:n අනුපාතයට AB බෙදයි. OP=(na+mb)
(m+n)
බව පෙන්වන්න.
OABC යනු සමාන්තරාශ්‍රයකි. M යනු OA මධ්‍ය ලක්ෂ්‍යයයි. OB හා CM එකක් අනෙක ත්‍රිච්ඡේදනය කරන බව දෛශික භාවිතයෙන් පෙන්වන්න.
(1981)
06 O, A, B යනු ඒක රේඛීය නොවන ලක්ෂ්‍ය තුනකි. OA=a OB=b ද වේ.
i) αa+βb=0 නම් α=0 බවත් β=0 බවත් පෙන්වන්න
ii) P යනු AB මත ලක්ෂ්‍යයක් නම් ද OP=r නම් ද 0t1 විට r=(1-t)a+tb බව පෙන්වන්න. මේනයින් සමාන්තරාස්‍රයක විකර්ණ එකක් අනෙක සමච්ඡේදනය කරන බව පෙන්වන්න.
(1982)
07a, b දෛශික මගින් සමාන්තරාස්‍රයක විකර්ණ නිරූපණය කෙරේ. මේ සමාන්තරාස්‍රයේ එක් කෝණයක් cos-1 {|a2 -b2 |/|a-b||a+b|} බව පෙන්වන්න.
O, P, O, R යනු ඒකතල නොවන ලක්ෂ්‍ය 4 කි. OP=pOQ=q OR=r ද වේ. S යනු PQR තලය මත පිහිටි ලක්ෂ්‍යයක් නම් ද OS=λp+μq+vr නම් ද λ+μ+ν=1 බව පෙන්වන්න.
(1982)
08 OA,OB,OC යනු අන්‍යෝන්‍ය වශයෙන් ලම්භ වූ ඒකක දෛශික තුනකි. λ μ ද අදීශ විට (OD)=λOA+μOB+(1-λ-μ) OC A,B,C හා D ඒකතල බව පෙන්වන්න.
3OM=OA+OB+OC බව අපෝහනය කරන්න. මේනයින් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න.
(1983)
09u යනු ඒකක දෛශිකයකි. යන්න ප්‍රකාශනයෙන් අදහස් වන්නේ කුමක්දැයි පැහැදිලි කරන්න. ඕනෑම a දෛශිකයක් සඳහා a=αu බව පෙන්වන්න.
මෙහි u යනු a හි දිශාව සහ අත ඔස්සේ පිහිටියාවු ඒකක දෛශිකයක්ද α අදිශකයක් ද වේ. P1,P2,P3,P4 ලක්ෂ්‍ය හතරේ පිහිටුම් දෛශික පිළිවෙලින් r1,r2,r3,r4 වෙයි
. r1,r2 අභිශුන්‍ය නොවන දෛශික ද r3=βr1 r4=r2/β β=|r2 |/|r1 | නම් P1,P2,P3,P4 වෘත්තයක පිහිටන බව පෙන්වන්න.
(1984)
10 O මූල ලක්ෂ්‍යයට සමුද්දේශයෙන් A, B ලක්ෂ්‍ය දෙකක පිහිටුම් දෛශික පිළිවෙලින් a, b වෙයි. R යනු AB මත පිහිටි ලක්ෂ්‍යයකි.
A, B ලක්ෂ්‍ය දෙක OR මත පිහිටි C ලක්ෂ්‍යයකට යා කරණ රේඛාවලින් OB, OA රේඛා පිළිවෙලින් S හිදී හා T හිදී කැපේ. AR/RB = p, BS/SO = q, OT/TA = r නම්
OR=(a+pb)/(1+p)OC=(qra+b)/(1+q+qr) ද බව දක්වන්න. pqr = 1 බව අපෝහනය කරන්න.
(1985)
11a හා b යනු නිශ්ශුන්‍ය අසමාන්තර දෛශික වන අතර xa + yb = 0 වෙයි. මෙහි x හා y අදිශ වේ. x = 0 හා y = 0 බව පෙන්වන්න. O, A, B ලක්ෂ්‍ය ඒක රේඛීය නොවේ. OA=a ද OB=b ද වේ
C යන OC=a+b පරිදි වන ලක්ෂ්‍යයයි. P යන BC හි මධ්‍ය ලක්ෂ්‍යයයි. එවිට OP=1
2
(a+2b)
බව පෙන්වන්න.
OP රේඛාවට R හිදී AB හමුවේ නම් RB=b-k(a+2b) බවද පෙන්වන්න. k යනු අදිශයකි. RB ටත් AB ටත් එකම දිශාව ඇතැයි යන කරුණ භාවිතා කිරීමෙන් හෝ අන් ක්‍රමයකින් හෝ AR : RB = 2 : 1 බව පෙන්වන්න.
(1986)
12 O මූල ලක්ෂ්‍යය අනුබද්ධයෙන් P, Q ලක්ෂ්‍ය දෙකේ පිහිටුම් දෛශික පිළිවෙලින් p,q වෙයි. λ යනු පරාමිතියක් වන PQ රේඛාව මත වූ ඕනෑම R විචල්‍ය ලක්ෂ්‍යයක පිහිටුම් දෛශිකය r,r=p+λ(q-p) ආකාරයෙන් ලිවිය හැකි බව පෙන්වන්න.
OACB යනු සමාන්තරාස්‍රයකි. එහි OA,OB පාද පිළිවෙලින් a සහ b දෛශික නිරූපණය කෙරේ. L , M යනු පිළිවෙලින් AC හිත් CB හිත් මධ්‍ය ලක්ෂ්‍යයයි. X හි දී OL සහ AM ඡේදනය වේ.
OM=4
5
(a+1
2
b)
බව පෙන්වන්න.
N හිදී CX OA හමුවේ. ON=2
3
a
බව පෙන්වන්න.
(1987)
13a හා b දෛශික දෙකක අදිශ ගුණිතය වන a .bර්ථ දක්වන්න. ( a +b ) නම් ( a -b )=0 මෙයින් b=-a නැතහොත් b=a .bයනුවෙන් අනුගමනය වෙයිද? පහදන්න.
ABC ත්‍රිකෝණයක පරිකේන්ද්‍රය O ද ලම්බ කේන්ද්‍රය H ද වේ නම් OH=OA+OB+OC බව පෙන්වන්න.
(1988)
14 O, A, B යනු OA=a,OB=b වන අයුරින් එකම සරල රේඛාවක් මත නොපිහිටි ලක්ෂ්‍ය වේ. P සහ Q යනු OQ=u
2
සහ QP=1|a|b
2|b|
වන අයුරින් වූ ලක්ෂ්‍ය වේ
සහ PA,a සහ b ඇසුරෙන් ප්‍රකාශ කර a=OP+PA,b=|b|(OF-PA)
|a|
බව අපෝහනය කරන්න.
R යන AR : RB = |a||:|b| වන අයුරින් AB මත පිහිටි ලක්ෂ්‍යයක් යැයි දී ඇති නම් OR සොයන්න. ඒ නයින් i) O, P, R එකම සරල රේඛාව මත පිහිටන බවත් ii) 2 |OP |>|OR| බවත් පෙන්වන්න.
(1989)
15 a සහ b දෛශික දෙකක අදිශ ගුණිතය අර්ථ දක්වන්න. ත්‍රිකෝණයක උච්චයන් ඒක ලක්ෂ්‍ය බව පෙන්වන්න. a සහ b යනු නිශ්ශුන්‍ය සමාන්තර නොවන සහ αa+βb=0 දෛශික දෙකක් නම් α=0,β=0 බව පෙන්වන්න. ABC ත්‍රිකෝණයක B, C කෝණ වල අභ්‍යන්තර කෝණ සමච්ඡේදක O හිදී හමුවේ. O ලක්ෂ්‍ය දෛශිකයන්ගේ මූලය ලෙස ගනිමින් OB සහ OC
OB=b=λ(a-b)
c
+(c-b)
a
OC=c=μ(b-c)
a
+(a-c)
b
ආකාරයෙන් ප්‍රකාශ කළ හැකි බව පෙන්වන්න. මෙහි λ,μ යනු අදිශ වන අතර a b c යනු ත්‍රිකෝණයේ පාද වේ. λ-1=-a+b+c
ac
,μ-1=-a+b+c
ab
බව පෙන්වන්න. ඒ නයින් කෝණ සමච්ඡේදක ඒක ලක්ෂ්‍ය බව පෙන්වන්න.
(1989)
16O ලක්ෂ්‍යයක් අනුබද්ධයෙන් A, B ලක්ෂ්‍ය දෙකක පිහිටුම් දෛශික පිළිවෙලින් a, b වේ. λ:μ අනුපාතයෙන් AB බෙදෙන P නම් ලක්ෂ්‍යයක පිහිටුම් දෛශිකය μa+λb
λ+μ
බව පෙන්වන්න.
O යනු ABC ත්‍රිකෝණය ඇතුළත පිහිටි ලක්ෂ්‍යයකි. AO, BO, CO රේඛා වලට BC, CA, AB සම්මුඛ පාද L, M, N ලක්ෂ්‍ය වල දී හමුවන්නේ BL
LC
=λ,CM
MA
=μ,AN
NB
=ν
වන පරිදිය.
දෛශික මූල O ලෙස ගෙන සමමිතිය භාවිතා කිරීමෙන් හෝ අන් ක්‍රමයකින් හෝ λμν=1 බව පෙන්වන්න.
(1990)
17 a හා b යනු සමාන්තර නොවන්නා වූත් ශුන්‍ය නොවන්නා වූත් දෛශික දෙකකි. αa+βb=0 නම් මෙවිට α=0 හා β=0 බව පෙන්වන්න.
A හා B යනු දී තිබෙන O මූලයට සාපේක්ෂව a හා b පිහිටුම් දෛශික සහිතව AB රේඛාව මත නොවන්නා වූ ලක්ෂ්‍ය දෙකකි. AOB හා OAB කෝණ වල අභ්‍යන්තර සමච්ඡේදක R හිදී හමුවේ.
a=|a| ද b=|b| ද c=|AB| ද ලෙස දී තිබේ. OR=λ(a
a
+b
b
)-a+μ{(1
a
+1
c
)(-a)+b
c
}
බව පෙන්වන්න. මෙහි λ හා μ අදීශ වෙයි. λ හා μ නිර්ණය කොට එනයින් OBA කෝණය BR ඒ මගින් සමච්ඡේදනය කෙරෙන බව පෙන්වන්න.
(1990)
18 O, A, B, C යනු O, A, B ලක්ෂ්‍ය ඒක රේඛීය නොවන පරිදි වූ ප්‍රහින්න ලක්ෂ්‍යය 4 කි. α හා β යනු නිශ්ශුන්‍ය සංඛ්‍යා විට OA=a,OB=b,OC=αa+βb වේ.
OA රේඛාව මත D නම් ලක්ෂ්‍යයක් ගෙන ඇත්තේ OD=γa වන පරිදිය. DC=δb වන අයුරින් γ හිත් δ හිත් අගයන් සොයන්න.
α,β,a හා b ඇසුරෙන් AB හා AC ප්‍රකාශ කරන්න. α+β=1 නම් A, B, C ලක්ෂ්‍ය ඒක රේඛීය බව පෙන්වන්න. තවද A ත් B ත් අතර C පිහිටන බව දී ඇත්නම් α ඇසුරෙන් පමණක් AC:CB අනුපාතය ප්‍රකාශ කර 0<α<1 බව අපෝහනය කරන්න.
P, Q යනු OP=2a OQ=2
3
b
ද වන පරිදි වූ ලක්ෂ්‍ය දෙකකි. AB හිත් PQ හිත් ඡේදන ලක්ෂ්‍ය R ය. a හා b ඇසුරෙන් OR ප්‍රකාශ කර AR:RB හා PR:RQ යන අනුපාත සොයන්න.
(1991)
19) a හා b යන නිශ්ශුන්‍ය දෛශික දෙකේ a, b අදිශ ගුණිතය අර්ථ දක්වන්න. පහත සඳහන් ඒවා පිහිටුවන්න.i) (-a).b=a.(-b)=-a.b ii) a හා b ලම්භ නම් පමණක් a. b = 0, c යනු ඒකක දෛශිකයක් නම් c, b ජ්‍යාමිතික ලෙස විවරණය කරන්න. a, b හා c යනු ඕනෑම දෛශික තුනක් සඳහා a. ( b + c) = a. b + a. c බව පෙන්වන්න.
) ABC යනු ත්‍රිකෝණයකි. අදිශ ගුණිතය පිළිබඳ ගුණ භාවිත කර ABC ත්‍රිකෝනයේ A, B, C යන ශීර්ෂ වල සිට පිළිවෙලින් BC, CA, AB සම්මුඛ පාද වලට ඇදි AL, BM, CN ලම්බ ඒක ලක්ෂ්‍ය වන බව පෙන්වන්න.
(1991)
20O ලක්ෂ්‍යයක් අනුබද්ධයෙන් A, B සහ C ප්‍රහින්න ලක්ෂ්‍ය තුනේ පිහිටුම් දෛශික පිළිවෙලින් a, b සහ αa+βb වෙයි. α+β=1 නම් පමණක් A, B සහ C ඒක රේඛීය බව සාධනය කරන්න.
OPQ යනු ත්‍රිකෝණයකි. OP=p,(=OQ=q වේ. A යනු PA
QA
=λ(>1)
වන පරිදි දික්කල PQ පාදය මත පිහිටි ලක්ෂ්‍යයකි.
B, C ය OB
BP
=γ(>0) QC
CO
=μ(>0)
වන පරිදි පිළිවෙලින් OP ත් OQ ත් පාද මත පිහිටි ලක්ෂ්‍යයයි.
OA=a ද OB=b ද OC=c ද නම් μγ(1-λ)a-μ(1+γ)b+(1+μ)c=(1-λμγ)q බව පෙන්වන්න. ඒ නයින් λμγ=1 නම් පමණක් A, B, C ඒක රේඛීය බව අපෝහනය කරන්න.
(1992)
21a හා b නිශ්ශුන්‍ය දෛශික දෙකේ a. b අදිශ ගුණිතය අර්ථ දක්වන්න.
) පහත සඳහන් එක් එක් අවස්ථාවේ දී a ත් b ත් අතර කෝණය සොයන්න.i) a. (a – b) = 0 සහ |b|= 2 |a|ii) |a| = |b| = |a + b|
) A, B, C, D යන්න චතුස්තලයක ශීර්ෂ වේ. ADBC ලම්බ නම් ද BD CA ලම්භ නම් ද CDAB ලම්බ බව පෙන්වන්න.
(1992)
22 P, Q, R යනු ප්‍රහින්න ලක්ෂ්‍ය තුනකි. ඒවායේ පිහිටුම් දෛශික පිළිවෙලින් OP=p,OQ=q,OR=r වේ. r=αp+(1-α)q වන පරිදි වූ α සංඛ්‍යාවක් පවතී ම නම් පමණක් P, Q, R ඒක රේඛීය බව පෙන්වන්න.
ABC ත්‍රිකෝනයේ පිළිවෙලින් BC, CA, AB පාද මත P, Q, R ලක්ෂ්‍ය පිහිටා ඇත්තේ BP=λPC,(CO)=μQA හා AR=vRB වන පරිදිය. මෙහි λμν0.CA=a ද CB=b නම් මූල ලක්ෂ්‍යය ලෙස C ගෙන එය අනුබද්ධයෙන් P, Q, R ලක්ෂ්‍ය වල පිහිටුම් දෛශික සොයන්න.
එනයින් λμν=-1 ම නම් පමණක් P,Q, R ඒක රේඛීය බව පෙන්වන්න.
(1993)
23 a හා b යන නිශ්ශුන්‍ය දෛශික දෙකේ අදිශ ගුණිතය අර්ථ දක්වන්න. ABC ත්‍රිකෝනයේ CA = aCB = b ද යැයි ගනිමු. (a – b). (a – b) අදිශ ගුණිතය සැලකීමෙන් cos⁡C=a2+b2-c2
2ab
බව පෙන්වන්න.
මෙහි a = |a|, b = |b| හා c = |a – b| ලක්ෂ්‍ය කෙසේද යත් ACB කෝණයේ සමච්ඡේදකය CL වන පරිදි AB මත වූ ලක්ෂ්‍යයක් වෙයි. a හා b එක එකක් සමග CL=l දෛශිකයේ අදිශ ගුණිතය සැලකීමෙන් l=ba+ab
a+b
බව පෙන්වන්න. CL2=ab[1-c2
(a+b)2
]
බව අපෝහනය කරන්න.
(1993)
24 O, P, Q යනු ඒක රේඛීය නොවන ලක්ෂ්‍ය 3 කි. R ලක්ෂ්‍ය OPQ තලයේ පිහිටා ඇත්තේ OR=α(OP
OP
+OQ
OQ
)
වන පරිදිය. මෙහි α යනු අදිශයකි. POQ කෝණය QR ගෙන් සමච්ඡේදනය වන බව පෙන්වන්න.
ABC ත්‍රිකෝණයේ BC=a,CA=b,AB=c වේ. ABC ත්‍රිකෝණයේ B කෝණයේත් C කෝණයේත් අභ්‍යන්තර සමච්ඡේදක L හිදී හමුවේ. BL=λ(a
a
-c
c
)
බව පෙන්වන්න. මෙහි λ යනු අදිශයකි.
a = |a|, b = |b| හා c = |c| එබඳු ම ආකාරයකින් CL ප්‍රකාශ කරන්න. AL සඳහා ස්වායත්ත ප්‍රකාශන දෙකක් ලියා දක්වා λ=ac
a+b+c
බවද AL=bc-cb
a+b+c
බවද පෙන්වන්න. එනයින් ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර සමච්ඡේදක තුන ඒක ලක්ෂ්‍ය බව පෙන්වන්න.
(1994)
25 P, Q, R හා S යනු පිළිවෙලින් OP=p,OQ=q,QR=r හා (OS)=s පිහිටුම් දෛශික සහිත ප්‍රහින්න ලක්ෂ්‍ය 4 කි. P, Q, R, S ඒක රේඛීය වෙයි නම් r=(1-α)p+αq ද s=(1-β)p+βq ද වන පරිදි α සහ β යන නිශ්ශුන්‍ය සංඛ්‍යා දෙකක් පවතින බව පෙන්වන්න
. P, Q, R, S ලක්ෂ්‍ය පිළිවෙලින් ABCD තල චතුරශ්‍රයේ DA, AB, CD හා BC පාද මත පිහිටන්නේ DP=γPA,AQ=λQB,CR=νRD,BS=μSC වන පරිදිය.
මෙහි λμνγ0 වෙයි. AB=b,AC=c හා AD=d නම් මූල ලක්ෂ්‍යය A ලෙස ගෙන එය අනුබද්ධයෙන් P, Q, R, S ලක්ෂ්‍ය වල පිහිටුම් දෛශික b, c, d, λ,μ,γ ඇසුරෙන් ලියා දක්වන්න.
ඒ නයින් P, Q, R, S සරල රේඛාවක් මත පිහිටයි නම් බව පෙන්වන්න.
(1995)
26 a, b හා c යනු ඕනෑම නිශ් ශුන්‍ය දෛශික තුනක් යැයි සිතමු. a
|a|
.b
අදිශ ගුණිතය ජ්‍යාමිතික ලෙස විවරණය කරන්න. එනයින් a. (b + c) = a. b + a . c බව සාධනය කරන්න.
OAB ත්‍රිකෝනයේ OA=a ද OB=b යැයි සිතමු. OA > OB යැයි සිතමු. L හා M යන පිළිවෙලින් OL=l=λa+(1-λ)b ද OM=m=μa+(1-μ)b ද යන පිහිටුම් දෛශික සහිත ලක්ෂ්‍යයයි.
OL හා OM රේඛා මගින් පිළිවෙලින් අභ්‍යන්තර ලෙසත් බාහිර ලෙසත් AOB කෝණය සමච්ඡේදනය වන පරිදි λ හි හා μ හි අගය අදිශ ගුණිතය උපයෝගී කරගෙන a = |a| හා b = |b| ඇසුරෙන් නිර්ණය කරන්න.
i) AL
LB
=AM
MB
=OA
OB
බවත්
ii) LM=2ab
a2-b2
(b-a)
බවත් අපෝහනය කරන්න.
(1995)
27 O ලක්ෂ්‍යයක් අනුබද්ධයෙන් A, B හා C යන ප්‍රහින්න ලක්ෂ්‍ය තුනක පිහිටුම් දෛශික පිළිවෙලින් a, b හා αa+βb වේ. මෙහි α,β යනු අදිශයි. α+β=1 නම් පමණක් A, B හා C ඒක රේඛීය බව සාධනය කරන්න.
PQR සහ LMN ත්‍රිකෝණ 2 කෙසේද යත් PL, QM හා RN රේඛා O ලක්ෂ්‍යයකදී ඒක ලක්ෂ්‍ය වන පරිදි ය. O ලක්ෂ්‍ය අනුබද්ධයෙන් P, Q හා R ලක්ෂ්‍ය වල පිහිටුම් දෛශික පිළිවෙලින් p, q හා r වෙයි. QR රේඛාවත් MN රේඛාවත් A හි දී ද RP රේඛාවත් NL රේඛාවත් B හිඳී ද PQ රේඛාවත් LM රේඛාවත් C හිදී ද හමුවේ.
OA=μq-νr
μ-v
OB=vr-λp
ν-λ
,OC=λp-μq
λ-μ
වන පරිදි λ,μ හා v යන ප්‍රහින්න අදිශ තුනක් පවතින බව පෙන්වන්න.
A, B හා C ඒක රේඛීය බව අපෝහනය කරන්න.
(1996)
28 a හාb නිශ්ශුන්‍ය දෛශික දෙකක a b අදිශ ගුණිතය අර්ථ දක්වන්න.) පහත සඳහන් එක් එක් අවස්ථාවේදී a හා b අතර කෝණය සොයන්න.
i) a.(a + 2b) = 0 සහ |b|= |a| ii) |a + b|= |a – b|
29-2p+5q,7p-q හා p+3q යනු අචල O මූල ලක්ෂ්‍යයක් අනුබද්ධයෙන් පිළිවෙලින් A, B හා C ලක්ෂ්‍ය තුනක පිහිටුම් දෛශික යයි ගනිමු. මෙහි p,q යනු සමාන්තර නොවන දෛශික දෙකක් වේ. A, B හා C ලක්ෂ්‍ය ඒක රේඛීය බව පෙන්වා C ලක්ෂ්‍ය AB බෙදන අනුපාතය සොයන්න.
(2011)
30 a හා b දෛශික දෙකක් තිත් ගුණිතය වන a,b අර්ථ දක්වන්න. a,b c හා d ඕනෑම දෛශික හතරක් සඳහා a,+d ).(c+d )=a.c+d.d+a.dd,d යයි උපකල්පනය කරමින් |a+b |2=|a |2+2a.b+|b |2 බව පෙන්වන්න.
|a-b|2 සඳහා අනුරූප ප්‍රකාශනයක් ලියා දක්වන්න. |a+b|2=|a-b|2 නම් a. b = 0 බව පෙන්වන්න. එනයින් සමාන්තරාශ්‍රයක විකර්ණ සමාන නම් එය සෘජු කෝණයක් බව පෙන්වන්න.
(2011)
31 a=1+63 j වේ. මෙහි i හා j සුපුරුදු අර්ථය ඇත. b යනු විශාලත්වය 3 සහිත දෛශිකයකි. a හා b දෛශික අතර කෝණය π
3
නම් b යන්න xi + yj ආකාරයෙන් සොයන්න. මෙහි x ( <0) හා y යනු නිර්ණය කළ යුතු නියත වෙයි
(2012)
32A හා B යනු O ලක්ෂ්‍යයක් සමග ඒක රේඛීය නොවන ප්‍රහින්න ලක්ෂ්‍ය දෙකක් යැයි ගනිමු. O ලක්ෂ්‍ය අනුබද්ධයෙන් A හා B ලක්ෂ්‍යවල පිහිටුම් දෛශික පිළිවෙලින් a හා b යයි ගනිමු. D යන BD = 2DA වන පරිදි AB මත පිහිටි ලක්ෂ්‍යය නම් O ලක්ෂ්‍ය අනුබද්ධයෙන් D ලක්ෂ්‍යයේ පිහිටුම් දෛශිකය 1
3
(2a+b)
බව පෙන්වන්න.
BC=ka(k>1) හා O, D හා C ලක්ෂ්‍ය ඒක රේඛීය නම් k හි අගය හා OD:DC අනුපාතය සොයන්න. a හා b ඇසුරෙන් AC ප්‍රකාශ කරන්න.
තවද AC සමාන්තරව O ලක්ෂ්‍ය ඔස්සේ යන රේඛාව E හිදී AB හමුවේ නම් 6DE = AB බව පෙන්වන්න.
(2012)
33සුපුරුදු අංකනයෙන් O අචල මූලයකට අනුබද්ධයෙන් A හා B ලක්ෂ්‍ය දෙකක පිහිටුම් දෛශික පිළිවෙලින් i හා i + j යැයි ගනිමු. C යනු A හරහා OB සමාන්තර සරල රේඛාව මතුවූ ලක්ෂ්‍යයක් යැයි ගනිමු.
OC=(1+λ)i+2j බව පෙන්වන්න. මෙහි λ යනු තාත්වික සංඛ්‍යාවක් වෙයි. OB BC ලම්භ වන පරිදි වූ λ අගය සොයන්න.
(2013)
34 OABC යනු චතුරශ්‍රයක් යැයිද D හා E යනු පිළිවෙලින් OB හා AC විකර්ණ වල මධ්‍ය ලක්ෂ්‍ය යැයි ගනිමු. කවද DE මධ්‍ය ලක්ෂ්‍යය F යැයි ගනිමු. O අනුබද්ධයෙන් A, B හා C ලක්ෂ්‍ය වල පිහිටුම් දෛශික පිළිවෙලින් a, b හා c යැයි ගනිමින් OF=1
4
(a+b+c)
බව පෙන්වන්න.
P හා Q යන පිළිවෙලින් OA හා BC පැතිවල මධ්‍ය ලක්ෂ්‍යය යැයි ගනිමු. P, F හා Q ලක්ෂ්‍ය ඒක රේඛීය බව පෙන්වා PF : FQ අනුපාතය සොයන්න.
(2013)
35 ABCD යනු DC=1
2
AB
වන පරිදි වූ ත්‍රිපීසියමක් යැයි ගනිමු. තවද AB=p හා AD=q යැයි ද ගනිමු. BF=1
3
BC
වන පරිදි BC මත E ලක්ෂ්‍ය පිහිටයි. AE හා ED වල ඡේදන ලක්ෂ්‍ය වන F මගින් BF=λ BD යන්න සපුරාලයි.
මෙහි λ(0<λ<1) නියතයකි. AE=5
6
p+1
3
q
බව හා (AE)=(1-λ)p+πq බව පෙන්වන්න. ඒ නයින් λ අගය සොයන්න.
(2014)
36සුපුරුදු අංකනයෙන් i+2j 3i+3j යනු O අචල මූලයක ට අනුබද්ධයෙන් පිළිවෙලින් A හා B ලක්ෂ්‍ය දෙකක පිහිටුම් දෛශික යැයි ගනිමු. C යනු OABC සමාන්තරාස්‍රයක් වන පරිදි වූ ලක්ෂ්‍ය යයි ගනිමු. OC=2i+j බව පෙන්වන්න.
AO ̂C=θ යැයි ගනිමු. OA,OC සැලකීමෙන් cos⁡θ=4
5
බව පෙන්වන්න.
(2014)
37 සුපුරුදු අංකනයෙන් O මූලයක් අනුබද්ධයෙන් A හා B ලක්ෂ්‍ය දෙකක පිහිටුම් දෛශික පිළිවෙලින් λi+μj λi-μj වේ; මෙහි λ හා μ යනු 0<λ<μ වන පරිදි වූ තාත්වික සංඛ්‍යා වේ. AO ̂B සෘජු කෝණයක් බව පෙන්වන්න.
AB රේඛා ඛණ්ඩයෙහි මධ්‍ය ලක්ෂ්‍යය C යැයි ගනිමු. OC දෛශිකයේ විශාලත්වය 2 නම් හා එය i ඒකක දෛශිකය සමඟ x
6
කෝණයක් සාදයි නම් λ හා μ හි අගයන් සොයන්න.
(2015)
38 සුපුරුදු අංකනයෙන් a=3i+4j,b=4i+3j සහ c=αi+(1-α)j යයි ගනිමු. මෙහි a ϵ R වේ. |a| හා |b| α ඇසුරෙන් a .c සහ b.c සොයන්න. a හා c අතර කෝණය b හා c අතර කෝණය සමාන නම් α=1
2
බව පෙන්වන්න.
(2016)
39 O මූලයක් අනුබද්ධයෙන් A හා B ලක්ෂ්‍ය දෙකක පිහිටුම් දෛශික පිළිවෙලින් a හා b වේ. මෙහි O, A හා B ඒක රේඛීය නොවේ. C යන OC=1
3
OB
වන පරිදි පිහිටි ලක්ෂ්‍යයද D යනු OD=1
2
AB
වන පරිදි පිහිටි ලක්ෂ්‍යයද යැයි ගනිමු. a
හා b ඇසුරෙන් AC හා AD ප්‍රකාශ කර AD=3
2
AC
බව පෙන්වන්න. P හා Q යනු පිළිවෙලින් AB හා OD මත AP=λAB හා OQ=(1-λ)OD වන පරිදි පිහිටි ලක්ෂ්‍යය යයි ගනිමු. මෙහි 0<λ<1 වෙයි. PC=2CQ බව පෙන්වන්න.
(2016)
40 සුපුරුදු අංකනයෙන් -i+2j හා 2αi+αj යනු පිළිවෙලින් O අචල මූලයකට අනුබද්ධයෙන් A හා B ලක්ෂ්‍ය දෙකක පිහිටුම් දෛශික යැයි ගනිමු. මෙහි α(>0) නියතයකි. අදිශ ගුණිතය භාවිතයෙන් AO ̂B=π
2
බව පෙන්වන්න.
C යන OACB ඍජුකෝණාශ්‍රයක් වන පරිදි වූ ලක්ෂ්‍ය යයි ගනිමු. OC දෛශිකය y- අක්ෂය දිගේ පිහිටයි නම් α අගය සොයන්න.
(2017)
41 A හා B සමග ඒක රේඛීය නොවන O අචල මූලයක් අනුබද්ධයෙන් A හා B ප්‍රහින්න ලක්ෂ්‍ය දෙකක පිහිටුම් දෛශික පිළිවෙලින් a හා b වේ. O අනුබද්දයෙන් C ලක්ෂ්‍යයක පිහිටුම් දෛශිකය c=(1-λ)a+λb යැයි ගනිමු. මෙහි 0<λ<1 වේ. හා CB දෛශික a, b හා λ ඇසුරෙන් ප්‍රකාශ කරන්න.
ඒ නයින් C ලක්ෂ්‍යය AB රේඛා ඛණ්ඩය මත පිහිටන බවත් AC : CB = λ:(1-λ) බවත් පෙන්වන්න.දැන් OC රේඛාව AOB කෝණය සමච්ඡේදනය කරන්නේ යැයි සිතමු.|b|(a.c) = |a| (b.c) බව පෙන්වා ඒ නයින් λ සොයන්න.
(2017)